නොබෙල් සාම ත්‍යාගය සදහා තමා යෝජනා කළ යුතු බවට ගෙන ආ යෝජනාවට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විරුද්ධත්වය පළ කර තිබෙනවා.
නොබෙල් සාම ත්‍යාගය ලැබීමට තමන් සුදුස්සෙකු නොවන බවත් කාශ්මීර අර්බුදය විසදා මානව සංවර්ධනය වෙනුවෙන් කැපවන අයෙකුට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිය යුතු බවත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට නොබෙල් සාම ත්‍යාගය ලබාදෙන ලෙස පසුගියදා ඉදිරිපත් කළ යෝජනාවකට ප්‍රතිචාර දක්වමිනුයි ඔහු මේ බව සදහන් කළේ. ඔහු මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර තිබෙනවා. සිය ග්‍රහණයට හසු වූ ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කර ඉන්දු පාකිස්තාන යුද ගැටුම සමනය කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඉම්රාන් ඛාන්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිය යුතු බව අයදුමක් මගින් ඉල්ලා තිබුණා.