fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අඩු පහසුකම් සහිත පන්සල්වල ස්වාමීන්වහන්සේ උදෙසා රක්ෂණ ක්‍රමයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 18:08

අඩු පහසුකම් සහිත පන්සල්වල ස්වාමීන්වහන්සේ උදෙසා රක්ෂණ ක්‍රමයක්

අඩු පහසුකම් සහිත පළාත්වල පන්සල්වල ස්වාමීන්වහන්සේ උදෙසා රක්ෂණ ක්‍රමයක් ආරම්භ කරන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා.

අංගොඩ මන්ඩාවිල ශ්‍රී අබේසුන්දරාම විහාරස්තානයේ ඓතිහාසික බෝ සමිදුන් වටා ඉදි කෙරුණු රන්වැට විවෘත කෙරුණේ ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ රවී කරුණානායක යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. පෞද්ගලික ධානපතින් යුවලකගේ ධන පරිත්‍යාගයෙනුයි මෙය ඉදිකෙරෙන්නේ. විහාරාධිපති පූජ්‍ය කෝමාරිකේ සුබෝධානන්ද ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහාසංඝයා වහන්සේ ඇතුළු විශාල පිරිසක් උත්සවයට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 18:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්