fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගමනාගමන මණ්ඩලයේ අයථා ගනුදෙනුව පිළිබඳ විශේෂ පරීක්ෂණයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 16:10

ගමනාගමන මණ්ඩලයේ අයථා ගනුදෙනුව පිළිබඳ විශේෂ පරීක්ෂණයක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සිදු වීමට ගිය බව කියන සැක සහිත අයථා රක්ෂණ ගනුදෙනුවක් පිළිබද විශේෂ පරික්ෂණයක් ආරම්භ කිරීමට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

එම රක්ෂණ ගනුදෙනුව වහාම නිවැරදි කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එමගින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉතිරි වූ මුදල රුපියල් මිලියන දෙකක් බවයි එම අමාත්‍යාංශය සදහන් කරන්නේ. හිටපු සභපතිවරයාගේ සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ, රියදුරන්, කොන්දොස්තරවරුන් සහ තුන්වන පාර්ශ්වය රක්ෂණය කිරීම සදහා රක්ෂණ සමාගම්වලින් මිල ගණන් කැදවා තිබුණා. එහිදී කරුණු සලකා බැලූ තාක්ෂණික කමිටුව රක්ෂණ භාරකාර අරමුදල වෙත එම රක්ෂණ කටයුතු පිරිනැමීමට නිර්දේශ කළා. එහෙත් හිටපු සභාපති රමාල් සිරිවර්ධන මහතා සභාපතීත්වය දැරූ ප්‍රසම්පාදන කමිටුව රක්ෂණ භාරකාර අරමුදලට වඩා වැඩි ලංසුවක් ඉදිරිපත් කළ වෙනත් රක්ෂණ සමාගමකට අදාළ රක්ෂණ කටයුතු ලබා දීමට කටයුතු කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.  ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වූ අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා මේ සම්බන්ධයෙන් කඩිනම් පරික්ෂණයක් පවත්වන ලෙස උපදෙස් ලබා දුන්නා. ඒ අනුව නැවතවරක් අදාළ රක්ෂණ කටයුතු රක්ෂණ භාරකාර අරමුදලටම ලබා දීමට තීරණය කර තිබෙනවා. අඩු ලංසුවක් ඉදිරිපත් කරමින් වැඩි ප්‍රතිලාභ ලබා දීමට ඉදිරිපත් වූ රක්ෂණ භාරකාර අරමුදල වෙත ලංගම රක්ෂණ කටයුතු ලබා නොදී වැඩි ලංසුවක් ඉදිරිපත් කරමින් අඩු ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කළ වෙනත් සමාගමකට එය ලබා දීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පරික්ෂණයක් අරම්භ කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 16:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්