විදෙස් තරුණියක බලහත්කාරයෙන් රැගෙන ගොස් අපයෝජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය ප්රකාශ කළා.
සැකකරු වෑන් රථයකින් ඇය රැගෙන ගොස් තිබෙනවා. 27 හැවිරිදි ඔහු පයාගල ප්රදේශයේ පදිංචිකරුවෙක්. සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ වෑන් රථය හදුනාගත් පසු සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.