හතලිස් පස්වන ජාතික ක්‍රීඩා උත්සවයට සමගාමීව පැවැත්වූ තිස්වන ජාතික රට හරහා දිවිමේ තරගය ක්‍රීඩක ක්‍රිඩිකාවන් 184 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.
නුවරඑළිය ගොල්ෆ් ක්රීඩානංගනයෙන් ආරම්භ වූ තරගයේ පිරිමි තරග අංශයට 138 දෙනෙකු එක්ව සිටියා. එම තරග අංශයෙන් ඌව පළාත නියෝජනය කළ ටී.එම්. තෙන්නකොන් විනාඩි 33යි තප්පර 03කින් තරගය අවසන් කර ප්‍රථම ස්ථානය දිනාගත් අතර දෙවන ස්ථානය හිමි කර ගැනිමට මධ්‍යම පළාතේ විකාසන් සමත් වුනා. ඒ සදහා ඔහු ගත කල කාලය විනාඩි 33යි තප්පර 22ක්. තුන්වන ස්ථානය පත් වුණේ මධ්‍යම පළාතේ ඩීඑල් සමරකොන්. ඔහුගත කාලය විනාඩි තිස් තුනයි තප්පර 56ක්. එහි කාන්තා අංශය නියෝජනය කරමින් ක්‍රිඩිකාවන් 46 දෙනෙකු සහභාගි වුණා. ඉන් ප්‍රථම ස්ථානය දිනා ගැනිමට නැගෙනහිර පළාතේ එන් එම් නන්දසේන ක්‍රීඩිකාව සමත් වුනා. ඇය තරගය නිම කිරිමට ගත කල කාලය විනාඩි 41යි තප්පර 06ක්. විනාඩි 41යි තප්පර 18කින් තරගය නිමකළ ඌව පළාතේ ශ්‍යාමලි අනුෂා දෙවන ස්ථානයට පත් වුණා. තුන්වන ස්ථානය නිලන්ති ලංකාහිමි කර ගත්තා. ඇය වාර්තා කළ කාලය විනාඩි 41යි තප්පර 41ක්. මෙහිදි ජයග්‍රාහිකයන් වෙත ජය සංකේත සහ මුදල් ත්‍යාග ප්රදානය කිරිම, ක්‍රීඩා අධ්යක්ෂ ධම්මික මුතුගල, ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ පි සිරිවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.