ඇල්ජීරියා ජනාධිපති අබ්දෙලාසීස් බොට්ෆ්ලිකාගේ පාලනයට එරෙහිව එරටපුරා දැවැන්ත විරෝධතා ආරම්භ කර තිබෙනවා.
82 හැවිරිදි ඇල්ජීරියා ජනාධිපතිවරයා මේ වන විට වසර 20 ක කාලයක් එරට පාලකයා ලෙස කටයුතු කරනවා. ඔහු පස්වන වරටත් ජනාධිපතිවරයා ලෙස පත්වීමට එරෙහිවයි මෙලෙස විරෝධතා ආරම්භ වී තිබෙන්නේ. ඇල්ජීරියාවේ ජනාධිපතිවරයා එළඹෙන අප්‍රේල් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට අදාළ නිල ඡන්ද පත්‍රිකා එරට ව්‍යවස්ථා සභාවට භාර දීමට කටයුතු කළා. ඒ සමග විරෝධතාවය තවත් උත්සන්න වූ අතර ඒ සදහා දහස් ගණනක පිරිසක් එක්ව සිටිනවා.
විරෝධතාකරුවන් විසුරුවා හැරීම සදහා පොලීසිය කදුලු ගෑස් ප්‍රහාර ද එල්ල කර තිබෙනවා. විරෝධතාවලට ප්‍රතිචාර දක්වමින් එරට ජනාධිපතිවරයා පවසන්නේ ජනාධිපතිවරණයෙන් වසරකට පසු තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.