ජයිස් ඊ මොහොමඩ් ත්‍රස්ත සංවිධානයේ නායකයා වන මසූඩ් අසාර් අත්අඩංගුවට ගැනීමට පාකිස්ථාන රජය තීරණය කළා.
ඒ අනූව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරිමයි සැලැස්ම. ඔහු ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස ලැයිස්තු ගතකිරිමට ජගත් ආරක්ෂක කවුන්සිලය ගත් පියවරට ඉස්ලාමාබාදය විරෝධය පළකර ඇති බවට පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි පාකිස්ථානය පවසන්නේ.
මෙම ත්‍රස්ත නායකයාට එරෙහිව ක්‍රියාත්මක වීමට ඕනෑම අවස්ථාවක සුදානම් බව පාකිස්ථානය අවධාරණය කළා. මෙය ඉම්රාන් ඛාන්ගේ රජය ගත් තවත් තිරණාත්මක තීන්දුවක් විය හැකි බවයි පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ.