ඉන්දියා සහ එංගලන්ත කාන්තා කණ්ඩායම් අතර පළමු 20-20 ක්රිකට් තරගය අද පැවැත්වෙනවා. ඒ ඉන්දියාවේ ගුවාහති ක්රීඩාංගනයේදීයි. දෙරට අතර එක්දින තරග තුනක් ද පැවැත්වුණා. ඉන් තරග දෙකක්ම ජය ගත්තේ ඉන්දීය කාන්තා කණ්ඩායමයි. තරගාවලියට 20-20 තරග තුනක් ද ඇතුළත්.
මේ අතර බංගලාදේශය සමඟ පළමු ටෙස්ට් ක්රිකට් තරගය ඉණිමකින් සහ ලකුණු 52කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. බංග්ලාදේශය පළමු ඉණිම වෙනුවෙන් සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 234ක් පමණයි. ඊට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම පළමු ඉණිම වෙනුවෙන් කඩුළු හයකට ලකුණු 715ක් ලබාගත්තා. එභෙත් දෙවන ඉණිම වෙනුවෙන් බංග්ලාදේශය සියලුදෙනා දැවි රැස්කළේ ලකුණු 420ක් පමණයි.