ඇමරිකා නියෝජිත මන්ත්‍රි මණ්ඩල කණ්ඩායම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳ විමර්ශන ආරම්භ කළා. ඒ ට්‍රම්ප් සහ ඔහුගේ සහායකයින් බලය අයුතු ලෙස භාවිත කිරිම, යුක්තියට බාධා කිරිම ඇතුළු කරුණු සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳවයි.
පුද්ගලයන් 60කට වැඩි පිරිසකගෙන් අද දිනය තුළ ප්‍රකාශ සටහන් කර ගන්නා බවයි කමිටු ප්‍රධානියා මාධ්‍යයට සඳහන් කර තිබෙන්නේ. ජනාධිපතිවරයා යුක්තිය පසිඳලීමේ කටයුතුවලට බාධා එල්ල කර ඇති බවට ද ඔහු චෝදනා කළා. එහෙත් අවසන් තීරණය විමර්ශනවලින් පසු ප්‍රකාශ කරන බවයි ඔහු සඳහන් කළේ. චෝදනා විමර්ශනය කරන කණ්ඩායම සහ රුසියාව අතර සබඳතාවක් ඇති බවට ඇමරිකා ජනාධිපතිවරයා දැඩි ලෙස චෝදනා කරනවා. එහෙත් එවැනි කිසිදු සම්බන්ධතාවක් නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. විමර්ශන වාර්තාව නීතිපතිවරයා වෙත කඩිනමින් යොමු කිරිමට නියමිතයි.