fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජීව අත්බෝම්බයක් සහ නීති විරෝධී මත්පැන් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 09:58

ජීව අත්බෝම්බයක් සහ නීති විරෝධී මත්පැන් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ නීති විරෝධී මත්පැන් සමග පුද්ගලයකු කහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කහවත්ත පොලීසියට ලැබුණ තොරතුරක් මත නිවසක් පරික්ෂා කිරීමේදීයී මෙම ජීව අත්බෝම්බය සහ මත්පැන් ලීටර් 15 ක ප්‍රමාණය සොයාගෙන තිබෙන්නේ. අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 39 ක් වන අතර ඔහු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 4, 2019 09:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්