174 වන උදාගම්මානය අද ජනතා අයිතියට පත්කෙරෙනවා. අනුරාධපුර හොරොව්පොතාන ප්රදේශයේ ඉදිකර ඇති එය ධර්මාභිවන්දනා ගම ලෙසයි නම්කර තිබෙන්නේ.
එය නිවාස ඒකක 56කින් සමන්විත බව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතා ප්රකාශ කළා.173 වන උදාගම්මානය ඊයේ ජනතා අයිතියට පත්කළා. මෙම වසර අවසන් වනවිට නව ගම්මාන 2500ක් ඉදිකිරීමටයි රජය සැලසුම් කර ඇත්තේ.