පසුගිය දින කිහිපය තුළ පැවති අර්බුදකාරී තත්ත්වය සමනය වීමෙන් පසු පාකිස්ථානය සිය ගුවන් අවකාශය අර්ධ වශයෙන් විවෘත කර තිබෙනවා.
ලාහෝර් ගුවන්තොටුපොළේ වාණිජ ගුවන් ගමන් අර්ධ වශයෙන් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ජිල්කිත් බැල්ටිස්ථාන්හි සහ සින්ද් ප්‍රාන්තයේ ගුවන් තොටුපොළ රැසක් තවමත් වසා දමා තිබෙනවා.
හෙට පස්වරු 1ට පමණ ගුවන් ගමන් සදහා පනවා තිබූ සියලු සීමාවන් ඉවත් කෙරෙනු ඇති බව සදහන්. පාකිස්තානය සිය ගුවන් කලාපය තහනම් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් රැසකට ගුවන් ගමන් සදහා ගැටලු ඇති වුණා. විශේෂයෙන් යුරෝපය සහ ආසියාව අතර ගුවන්ගමන් වලට මෙමගින් සිදුවූ බලපෑම බොහෝ විශාල බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. මිග් 21 ප්‍රහාරක යානයකින් පාකිස්තාන සීමාවට පහර දීමට පැමිණ අත්අඩංගුවට පත්වූ වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තමාන් ඉන්දීය බලධාරීන් වෙත භාර දීම සිකුරාදා රාත්‍රියේ සිදුවුණා. කෙසේ වෙතත් කාශ්මීර දේශසීමාවේදී ශෙල් වෙඩි හුවමාරුවක් සිදුවීමෙන් සිවිල් වැසියන් පස් දෙනෙකු සහ සොල්දාදුවන් දෙදෙනෙකු ඊයේ මිය ගිය බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.