බෞද්ධ සංස්කෘතිය හා ගමේ පන්සල මෙරට ජන ජීවිතය සහ සිතුම් පැතුම් සකස් කිරීම සඳහා ඓතිහාසික කාර්යභාරයක් ඉටු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙනවා.
උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය ගල්ලෑල්ලේ අරියවංශ නායක ස්වාමීන්වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය ප්රදානය කිරීමේ පුන්යෝත්සවයට සහභාගි වෙමිනුයි ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ. පුලතිසිපුර මෛත්‍රීපාල සිරිසේන බුද්ධි මණ්ඩපයේදී සන්නස් පත්‍ර ප්රදානෝත්සවය පැවැත්වුණා. උඩරට අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය නුවරඑළියේ චන්දජෝති ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පුන්යෝත්සවය පැවැත්වුණා. ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය ගල්ලෑල්ලේ අරියවංශ නායක ස්වාමීන්වහන්සේ තෝපාවැව විද්‍යාලය අසල සිට පොළොන්නරුව බුද්ධි මණ්ඩපය වෙත පෙරහැරකින් වැඩම කරනු ලැබුවා. මහනායක හිමියන් , උන්වහන්සේ වෙත සන්නස් පත්‍රය පිළිගැන්වූ අතර විජිතපත පිළිගැන්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=l0Ngw0WnuDk&feature=youtu.be&fbclid=IwAR1UibEYfqNsy43MMRahPirkptZ4WojM742Q930Gx8X7luIz4A4E2EGZHiU”]
පූජ්‍ය ගල්ලෑල්ලේ අරියවංශ ස්වාමීන්වහන්සේ සමරු තිළිණයක් ද ජනාධිපතිතුමා වෙත ප්රදානය කළා. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමීන්වහන්සේ ඇතුලු මහා සංඝරත්නය ද මහජන නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.