අතුරුදන් වූවන් සදහා වන්දි ගෙවීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/qoaveauSS2k”]
අතුරුදන් වූවන් පිළිබද සෙවීමේ පළමු ප්‍රාදේශීය කාර්යාලය මාතර කොටුව ධර්මාරාම මාවතේ විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් කතානායකවරයා මේ බව සදහන් කළා. 88/ 89 කාලවකවානුවේදී දකුණු පළාතේ පැවති භීෂණයෙන් අතුරුදන් වූවන් පිළිබද සොයා බැලීම මෙම කාර්යාලයෙන් විශේෂයෙන් සිදු කෙරෙනවා. මෙවැනි ප්‍රාදේශීය කාර්යාල දොළහක් දිවයිනම ආවරණය වන පරිදී ස්ථාපනය කිරීම රජයේ ඉලක්කයයි. ජාති ආගම් භේදයකින් තොරව අගතියට පත් සියලු ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලබාදීමට අතුරුදන් වූවන්ගේ කාර්යාලය ඔස්සේ කටයුතු කරන බවයි අමාත්‍ය මනෝගනේෂන් මහතා මෙහිදී සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/FFhgCsiXzVY”]