රුපියල් මිලියන තුන්දහස් පනස් හතරක් වැය කරමින් ගම්පහ දිස්ත්‍රික් පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. මහල් හතකින් යුක්තව මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදි කෙරෙනවා. කතානායක කරූ ජයසූරිය සහ අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි එම ඉදිකිරීම් ආරම්භ කෙරුණේ.
ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය ආයතන කටයුතු එකම ස්ථානයකට ගෙන ඒමේ අරමුණෙන් මෙම පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය ඉදි කෙරෙනවා. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම රාජ්‍ය ආයතන විසිතුනක් මෙහි ස්ථාපනය කෙරෙනවා. නවීන මෙන්ම සියලු පහසුකම් සහිතව මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් වසර දෙකක් තුළ අවසන් කිරීම සැලසුමයි. ආසන දහසකින් යුක්ත ශ්‍රවණාගාරයක් මෙන්ම වාහන නවතා තැබීමේ පහසුකම් සහිතවයි මෙය ඉදිකෙරෙන්නේ. ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ලොව කාර්යක්ෂම රාජ්‍ය සේවය අප රට තුළ ගොඩ නැගීම අරමුණ බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/3173qIgInI4″]
අමාත්‍ය ජෝන් අමරතුංග, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.