තමන් ඉක්වදෝරයේ කරන සංචාරය අවසන් කර වෙනිසුවේලාවට පැමිණි වහාම තවත් උද්ඝෝෂණ ආරම්භ කර ලෙසට ජනතාව උනන්දු කරවන බව එරට විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝ පවසනවා.
පළමු උද්ඝෝෂණය ජනාධිපති නිකොලොස් මධුරෝට එරෙහිව සිදු කරන බවයි විපක්ෂනායකවරයා පවසා ඇත්තේ. සිය රටට ආධාර ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් ග්වයිඩෝ පසුගිය දින කිහිපය පුරාම ලතින් ඇමෙරිකා රටවල නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වුවා. නමුත් වෙනිසුවේලා රය ඔහුට විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් පැනවීමටයි කටයුතු කර ඇත්තේ. තමන් සිය රටට පැමිණ වහාම ජනතාව එක්රැස් කර ජනාධිපතිවරයා පිලිබද බරපතල තීන්දුවකට රටගෙන යාමට කටයුතු කරන බවයි ජුවාන් ග්වයිඩෝ ප්රකාශ කර ඇත්තේ.