fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෝදි බිහාර් මැතිවරණ ප්‍රචාරක රැලිය අරඹයි

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2019 13:47

මෝදි බිහාර් මැතිවරණ ප්‍රචාරක රැලිය අරඹයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය බිහාර් මැතිවරණ ප්‍රචාරක රැලිය අද ආරම්භ කළා.

සංකල්ප් රැළි ලෙසයි එම රැළිය නම්කර ඇත්තේ. බිහාර් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය නිතිෂ් කුමාර් සමඟින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දේශපාන රැළියකට සහභාගී වූයේ වසර 10 කට පසුවයි. මෙම දේශපාලන රැස්වීම සදහා ලක්ෂ ගනණක්  ඉන්දියානුවන් සහභාගී වී සිටිනවා. බිහාර් ප්‍රාන්තයේ පාර්ලිමේන්තු අසුන් 40 ක් ඇති අතර එළඹෙන මැතිවරණයේදි ඒ සියල්ල තමන් සතු කර ගැනීම මෙම දේශපාලන රැළිය පැවැත්වීමේ එක් අරමුණක් බවයි නරේන්ද්‍ර මෝදි මහතා සදහන් කළේ. ගොවීන්ට සහ කම්කරුවන්ට සහන රැසක් ලබාදීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම රැළියේදී සිය මැතිවරණ පොරොන්දු ලෙසින් ලබාදී තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 3, 2019 13:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්