ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපයේ කටයුතු බිංගිරියේ දී ආග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ආරම්භ කෙරෙනවා. වසර 15 කට පසු මෙවැනි අපනයන සැලසුම් කලාපයක් ඉදි කෙරෙන පළමු අවස්ථාව මෙයයි.
බිංගිරිය අපනයන සංවර්ධන කළාපය අදියර තුනක් යටතේ සංවර්ධනය කෙරෙනවා. පළමු අදියර යටතේ අක්කර 164 ක භූමි ප්‍රදේශය සංවර්ධනය කර නව කර්මාන්ත ශාලා 25ක් පිහිටුවීම සැලසුමයි. ඒ තුළින් සෘජු රැකියා දස දහසක් මෙන්ම වක්‍ර රැකියා තුන් දහසක් බිහි වනු ඇති. දෙවන අදියර යටතේ අක්කර 282ක් වන ගොරකගස්ආර ප්‍රදේශයේ නව කම්හල් ඇරඹීම සිදු කෙරෙනවා. ඒ තුළින්ද සෘජු රැකියා විසිපන්දහසක් මෙන්ම වක්‍ර රැකියා දස දහසක් අපේක්ෂා කරනවා. තුන්වන සහ අවසන් අදියර යටතේ අපනයන සැකසුම් කලාපය සතුව අක්කර 1200ක් සංවර්ධනය කිරීම ව්‍යාපෘතියට ඇතුළත්. එම අදියර යටතේ ඉදිකරන කර්මාන්ත ශාලා තුළින් සෘජු රැකියා හැත්තෑපන්දහසක් බිහිවනු ඇති. බිංගිරිය අපනයන සැකසුම් කළාපයේ සංවර්ධන ව්‍යාපෘතිය වසර 8ත් 12 ත් අතර කාලය තුළ අවසන් කිරීමට නියමිතයි. මෙම අපනයන සැකසුම් කලාපය තුළින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල කාර්යයක් ඉටු කෙරෙන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා.