ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කරන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ප්‍රථම තරගය ලෙස කුරුණෑගල මලියදේව විද්‍යාලය සමග පැවති තරගය ජයග්‍රහණය කිරිමට කොළඹ රාජකිය විද්‍යාලය සමත් වුණා.
රාජකිය විද්‍යාල ක්‍රීඩා පිටියේදීයි තරගය පැවැත්වුණේ. පළමු අර්ධය නිමාවන විට කොළඹ රාජකිය විද්‍යාලය ලකුණු 24ක් ලබා ගත්තා. ඊට උත්සාහක දිනුම් 04ක් සහ ප්‍රවර්තන 02ක් ඇතුලත්. එහිදි කුරුණෑගල මලියදේව විද්‍යායට ලබා ගත හැකි වුයේ ලකුණු 03ක් පමණයි. ඊට දඩුවම් පහර එකක් ඇතුලත්. තරගය නිමා වන විට කුරුණෑගල මලියදේව විද්‍යාලය ලකුණු 06ක් ලබා ගත් අතර කොළඹ රාජකිය විද්‍යාලය ලකුණු 62ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා.