උතුරේ සියලු පාසල්වලට අනිද්දාත් නිවාඩු ලබාදෙන බව පළාත් ආණ්ඩුකාර කාර්යාලය ප්‍රකාශ කළා. ඒ හෙටට යෙදෙන මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන්.
පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු නිලධාරින් සමඟ සිදුකළ සාකච්ඡාවෙන් පසු මෙම තීරණයට එළඹි බවයි පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ කළේ. එදිනට උපකාරක පන්ති නොපවත්වන ලෙස ආණ්ඩුකාරවරයා පෞද්ගලික පන්ති ගුරුවරුන්ගෙන් ඉල්ලිමක් ද කර තිබෙනවා.