නැගෙනහිර සහ ඌව පළාත්වලට වැසිවාර කිහිපයක්
Related Articles
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.
ගාල්ල, මාතර, රත්නපුර, නුවර-එළිය සහ කළුතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකළපුව දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලස්ථාන ස්වල්පයක වැසිවාර කිහිපයක් ඇති විය හැක.
දිවයින වටා මුහුදු ප්‍රදේශවලසුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී.25-35 පමණ වේ.
ගාල්ල සිට හම්බන්තොටහරහා පොතුවිල් දක්වා වනමුහුදු ප්‍රදේශවලසහ මීගමුව සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා වනමුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40-45 දක්වා වැඩි විය හැක.
|