fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කංජිපානී ඉම්රාන්ගේ තවත් ගෝලයෙකු රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor මාර්තු 2, 2019 15:24

කංජිපානී ඉම්රාන්ගේ තවත් ගෝලයෙකු රිමාන්ඩ්

පාතාල නායක කංජිපානී ඉම්රාන්ගේ ගෝලයා ලබන බදාදා(06) දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. ඩුබායි හි අත්අඩංගුවේ සිටින කංජිපානී ඉම්රාන්ගේ තවත් ගෝලයෙකු වන මොහොමඩ් රහුමාන් රහීම් නැමැති මෙම සැකකරු කොළඹ 12 ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කොලඹ කොටහේන ප‍්‍රදේශයේ්දී විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකින් ඔහු අත්අඩංගුවට ගැණුනා. සැකකරු ලග තිබි අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් දෙදහසකට වැඩි ප‍්‍රමාණයක් , කඩුවක් සහ ඉලෙක්ට්‍රොනික තරාදියක්ද සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 2, 2019 15:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්