fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රිය අනතුරකින් පියා සහ දියණිය ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මාර්තු 2, 2019 11:18

රිය අනතුරකින් පියා සහ දියණිය ජීවිතක්ෂයට

කුරුණෑගල තිත්තවැල්ල වැව අසලදී සිදු වු රිය අනතුරකින් පියා සහ දියණිය මියගොස් මව බරපතළ තුවාල ලබා තිබෙනවා.

කුරුණෑගල පුත්තලම ප්‍රධාන මාර්ගයේ වාරියපොල සිට කුරුණෑගල දෙසට ධාවනය වු මෝටර් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිසාවට ධාවනය වු ත්‍රී රෝද රථයක එකිනෙක ගැටි තිබෙනවා.

ත්‍රී රොද රථයේ සිටි පියා සහ වයස අවුරුදු 02ක් වු දියණිය මිය ගිය අතර බරපතළ තුවාල ලැබු මව කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ත්‍රී රෝද රථයේ අධිකවේගය පාලනය කර ගැනිමට නොහැකි වීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 2, 2019 11:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්