හුණු, දුම්කොළ හා පුවක්වලින් තොර සෞඛ්‍යවත් ආදර්ශ දැහැත් වට්ටිය පිළිබඳ ඉල්ලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යළිත් සිහිපත් කළා. ඒ මහරගම අපේක්ෂා රෝහලේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහලේදී විශේෂ වැඩසටහනක් පැවැත්වුණා. සෑම වසරකම මාර්තු 20 වනදා ලෝක මුඛ සෞඛ්‍ය දිනය ලෙස ජාත්‍යන්තර දන්ත වෛද්‍ය සම්මේලනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. මුව සුව වෙනුවෙන් නිති සැම එක්වෙමු යන තේමාවෙන් මෙවර එය සැමරෙන අතර ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව මුඛ පිළිකා වැළැක්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන මුඛ පිළිකා රෝගීන්ගේ සුවදුක් විමසීමට ද ජනාධිපතිතුමා එක්වුණා. මුඛ පිළිකාවලට ගොදුරුව සුව වූ පිරිසක් එක්ව පිහිටුවා ගත් නිල් කටරොලුවලට හඬක් සංවිධානයේ සාමාජිකයින් පිරිසක් මෙහිදී ජනාධිපතිතුමා වෙත සංදේශයක් භාර දුන්නා. හුණු, දුම්කොළ හා පුවක්වලින් තොර සෞඛ්‍යවත් ආදර්ශ දැහැත් වට්ටිය මෙහිදී ජනාධිපතිතුමා අතින් මහා සංඝරත්නය වෙත පූජා කෙරුණා. මීට වසර 7කට පෙර 2012 වසරේදී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හුණු, දුම්කොළ හා පුවක්වලින් තොර සෞඛ්‍යවත් ආදර්ශ දැහැත් වට්ටියක් මහනාහිමිවරුන්ට පූජා කරමින් මෙරට සංඝ පරපුරෙන් ඉල්ලීමක් කළා. තමා සංඝ පරපුරෙන් කළ ඉල්ලීම නැවත වරක් සමස්ත ගෞරවණීය මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කරන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/qym56SY7FV8″]
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.