බින්ලාඩන්ගේ පුතු හම්සා ගැන තොරතුරු දෙන අයෙකුට ඩොලර් මිලියනයක ත්‍යාගයක්
Related Articles
අල්කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින්ලාඩන්ගේ පුතු වන හම්සා බින්ලාඩන් පිළිබඳ තොරතුරු ලබාදෙන ඕනෑම අයෙකුට ඇමෙරිකා ඩොලර් මිලියනයක ත්‍යාගයක් ලබාදෙන බව ඇමෙරිකාව පවසනවා.
ඔසාමා බින්ලාඩන් 2011 වසරේ පාකිස්තානයේදී ඇමෙරිකා මැරීන් භට කණ්ඩායමක් අතින් ජීවිතක්ෂයට පත්වුණා.
ඉන් පසු ඔසාමා බින්ලාඩන්ගේ බිරින්දෑවරුන් සමග හම්සාට ද සෞදිඅරාබියට පැමිණීමට අවසර ලැබුණා.
30 හැවිරිදි වියේ පසුවන හම්සා බින්ලාඩන් අල්කයිඩා සංවිධානයේ වත්මන් නායකයා ද වනවා.
ඔහු පාකිස්තානයේ, ඇෆ්ගනිස්ථානයේ, සිරියාවේ හෝ ඉරානයේ ජීවත්ව සිටින බවට සැක පළකෙරෙනවා.