fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් පක්ෂයට නව තනතුරු කීහිපයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2019 17:56

නිදහස් පක්ෂයට නව තනතුරු කීහිපයක්

ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන් පත්කර තිබෙනවා. ඒ කොළඹ , මාතර , ගාල්ල, බදුල්ල, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ති‍්‍රක් සදහා. පත්විම් ලිපි ප‍්‍රදානය සිදුවුණේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දි. පක්ෂය ප‍්‍රතිසංවිධානය කිරිමේ වැඩපිළිවෙල යටතේ එය කි‍්‍රයාත්මක වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

මේ අතර රංජිත් සියඹලාපිටිය මහතා ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රචාරක ලේකම් ධුරයට පත්කර තිබෙනවා. ලසන්ත අලගියවන්න මහතා වෘත්තිය සමිති ලේකම්වරයා ලෙසත්, වීරකුමාර දිසානායක මහතා වෘත්තිය සමිති උපලේකම්වරයා ලෙසත් පත්කිරිමටයි පියවර ගෙන ඇත්තෙ. සාරතී දුෂ්‍යමන්ත මහතා වෘත්තියවේදින්ගේ සංවිධාන ලේකම්වරයා ලෙසද, සුදර්ශන රත්නායක මහතා සාමාජික ප‍්‍රවර්ධන ලේකම්වරයා ලෙසද පත්විම් ලබාගත්තා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2019 17:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්