fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

1990 ගිලන් රථ සේවාවට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2000ක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2019 17:25

1990 ගිලන් රථ සේවාවට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2000ක්

1990 සුවසැරිය ගිලන් රථ සේවාව තවදුරටත් පුළුල් කරමින් ඒ සදහා ඉදිරි අයවැයෙන් රුපියල් මිලියන 2000ක පමණ මුදලක් වෙන් කර ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. මධ්‍යම පළාතේ මෙම ගිලන්රථ සේවාව  ආරම්භ කරමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ඉන්දීය රජයේ ත්‍යාගශීලී ආධාරයක් ලෙස 2016 වසරේ ජුලි 29 වනදා බස්නාහිර හා දකුණ යන පළාත් කේන්ද්‍රකර ගනිමින් සුවසැරිය ගිලන්රථ සේවාව ආරම්භ කෙරුණා. එය පසුගිය වසරේ ජූලි මාසයේ දී උතුරු පළාතේ ද අගෝස්තු මාසයේ දී ඌව පළාතේ ද, සැප්තැම්බර් මාසයේ උතුරු මැද පළාත කේන්ද්‍ර කර ගනිමින් හා ඔක්තෝම්බර් මාසයේ වයඹ පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක ඛලා. මෙම වසරේ ජනවාරි මාසයේ 19 වනදා සුවසැරිය සබරගමුව පළාතේ ආරම්භ කිරීමට හැකිවුණා. ආරම්භයේ සිට මේ දක්වා 1990 සුවසැරිය ගිලන්රථ සේවාවට දුරකතන ඇමතුම් අටලක්ෂ අසූතුන්දහසකට  අධික සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. ඒ අනුව රෝගීන් එක්ලක්ෂ පනස් දහසකට අධික පිරිසක් ක්ෂණිකව රෝහල්කරා ගෙන යමින් ජීවිත බේරා ගැනීමට හැකිවුණා. විනාඩි 13කටත් වඩා අඩු කාලයක දී රෝගියා වෙත පැමිණ රෝහල් කරා යොමු කිරීමට හැකිවීම මෙම සේවාවේ තවත් ජයග්‍රහණයක්. සුවසැරිය ගිලන්රථ සේවාව මධ්‍යම පළාතේ ආරම්භ කිරීමේ අවස්ථාවට අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2019 17:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්