ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සහාය වේග පන්දු පුහුණුකරු නුවන් සොයිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය පසුගිය වසරේදී චෝදනා 3 ක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් සහාය වේග පන්දු පුහුණුකරු නුවන් සොයිසාට චෝදනා ගොනු කළා. එම චෝදනාවලට තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කරමින් වාර්තාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔහු යොමුකර තිබෙනවා. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුගේ සේවය අත්හිටුවීමටයි කටයුතු කර ඇත්තේ. ඊට එරෙහිව අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට නුවන් සොයිසා කටයුතු කළා. මේ පිළිබඳ මාධ්‍ය හමුවක් පවත්වමින් නුවන් සොයිසා කියාසිටියේ ඉන්දීය ජාතිකයෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සමග සම්බන්ධ කරන ලෙස තමන්ගෙන් ඉල්ලීමක් කළ බවයි. එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට නොදැන්වීම තමන් අතින් සිදු වූ එකම අතපසුවීම බව ද ඔහු මෙහිදී කියාසිටියා. බුකීකරුවන්ගේ සිද්ධියට තමන් මැදිහත් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවෙකු කළ ඉල්ලීමකට අනුව බවයි ඔහු ප්‍රකාශ කළේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකකය මේ සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණ පිළිබඳ තමන් සෑහීමට පත් නොවන බව ද මෙහිදී ඔහු කියාසිටියා. මෙලෙස මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් හා නිලධාරීන් අපහසුතාවට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉඩහැරීමට එරෙහිවයි ඔහු අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ.