නව පරපුර හා පාසල් දරුවන් මත් උවදුරෙන් ගලවා ගැනීම සඳහා සුජාත දරුවෝ වැඩසටහන මාර්තු 15 වනදා සිට දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
සුගතදාස ගෘහස්ථ එළිමහන් ක්‍රීඩාංගන පරිශ්‍රයේ ඉදිකර තිබෙන ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නව ගොඩනැගිල්ල අද පෙරවරුවේ විවෘත කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මහල් 5කින් යුත් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 190ක්. ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් තහනම් උත්තේජක පරික්ෂණ සිදු කිරීමට අවශ්‍ය කලාප මෙම ගොඩනැගිල්ල තුළ ස්ථාපනය කර තිබෙනවා. එමෙන්ම සම්මන්ත්රණ හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයකින් ද මෙය සමන්විතයි. සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ල විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතින්. ඉන් අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතූ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිතුමාට සිය ස්තූතිය පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/VLxU40GKydY”]
අනතුරුව සභාව ඇමතූ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ විෂ මත්ද්‍රව්‍ය විශ්වවිද්‍යාල හා පාසල් දරුවන් අතරට ඉතා සූක්ෂම ලෙස ගෙන යාමේ ජාවාරමක් රට තුළ ක්‍රියාත්මක වන බවයි. එය මැඩපැවැත්වීම වෙනුවෙන් සිසුන් දැනුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් ලෙස සුජාත දරුවෝ ක්‍රියාත්මක වන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/pysbgjwj4Cc”]