දිල්ලිය හා ලාහෝරය අතර බස් සේවාව අඛණ්ඩව ක්රියාත්මක කරන බව බලධාරින් ප්රකාශ කළා.
ඉන්දීය සෙබළුන්ට එල්ල වූ ත්රස්තවාදී ප්රහාරයත් සමඟ එහි ක්රියාකාරිත්වයට බලපෑම් එල්ල වුණා. මේ වනවිටත් පවතින්නේ මතභේදාත්මක වාතාවරණයක්. කෙසේ වෙතත් ප්රවාහන සේවා අඛණ්ඩව ක්රියාත්මක කිරීමයි බලධාරීන්ගේ අපේක්ෂාව. සෑම සතියකම සදුදා, බදාදා සහ සිකුරාදා බස් රථ ධාවනය කිරීමට ඔවුන් කටයුතු යොදා තිබෙනවා.