ඊජිප්තුවේ කයිරෝ අගනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයේ හටගත් ගින්නෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම සිද්ධිය මුල් කරගනිමින් එරට ප්‍රවාහන අමාත්‍යවරයා ඉල්ලි අස්වී තිබෙනවා.
දුම්රියක් කොන්ක්‍රීට් බාධකයක ගැටීමත් සමඟම ගින්න හටගත්තා. ගින්නෙන් තුවාල ලැබු පුද්ගලයින් 43 දෙනෙකු පමණ රෝහල් ගත කිරීමටයි බලධාරීන් පියවර ගත්තේ. කෙසේවෙතත් ගින්නෙන් පසුව ඊජිප්තු ප්‍රවාහන ආමත්‍ය හිෂාම් අර්ෆත් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ගින්නෙන් මියගිය පිරිසගේ සිරුරු තහවුරු කර ගැනීමට මේ වන තෙක් හැකියාවක් ලැබී නැති බව ද එරට වාර්තා සදහන් කරනවා. දුම්රිය මෙසේ කොන්ක්‍රීට් බාධකයේ ගැටීමට හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.