fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2019 11:17

හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් දහයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුලියාපිටිය හෙට්ටිපොළ කඹුරාපොළ ප්‍රදේශයේදීයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඒ යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටිය දීයි. එම අවස්ථාවේදි ඔහු සතුව තිබී කිලෝග්‍රෑම් එකක ප්‍රමාණයක් සොයා ගැණුනා. අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහුගේ නිවසේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් නවයක් ද සොයා ගැනීමට හැකිවුණා. ඒවායේ වෙළදපොල වටිනාකම රුපියල් මිලියන 120ක්. සැකකරු නාගොල්ලාගොඩ අඹගස් ගෙදර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 75 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.  ඒ ග්‍රෑන්ඩ්පාස් බාබාපුල්ලේ  හා මැලිගාවත්ත ඛෙත්තාරාම යන ප්‍රදේශවලදීයී.  සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිළධාරීන් වැටලීම සිදු කළා.ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදීයී සැකකරුවන් දෙදෙනෙකු   අත්අඩංගුවට ගැනුණේ.  ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ජවාරමට සම්බන්ධ තවත් සැකකාරියක අත්අඩගුවට ගැනීමට හැකි වුණා. සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2019 11:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo