fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ බහාලුම් හැසිරවීම පුළුල් කෙරේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2019 11:01

ශ්‍රී ලංකාවේ බහාලුම් හැසිරවීම පුළුල් කෙරේ

ශ්‍රී ලංකාවේ බහාලුම් හැසිරවීම පුළුල් කීරීමට ලොව ප්‍රධානතම ආයතනයක් වන මර්ස්ක් හෝල්ඩින්ග්ස් ආයතනය ඉදිරිපත්ව සිටිනවා.  ඔවුන් ජනාධිපතිතුමා හමුවී මේ සදහා කැමැත්ත් පල කළා.

මර්ස්ක් හෝල්ඩින්ග්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සොරෙන් ස්කෝවි මහතා සහ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුව සිදු වු‍‍ණේ ජනාධිපති කාර්යාලයේදීයි.

ශ්‍රී ලංකාවේ බහාලුම් හැසිරවීමේ ව්‍යාප්තිය වැඩිදියුණු කිරීම පිලිබදව එම  ආයතනයේ දායකත්වය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා වෙත මෙහිදි කරුණු ඉදිරිපත් කෙරුණා.  ඒ පිලිබදව මර්ස්ක් හෝල්ඩින්ග්ස් ආයතනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡා පවත්වමින් සිටින බවද මෙහිදී ප්‍රකාශ කළා. කොළඹ වරායේ බහාලුම් ප්‍රවාහනය පුළුල් කිරීමට මේ හරහා පහසුකම් සැළසෙනු ඇති බවයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ.  ඒ තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල සහයෝගයක් ලැබෙනු ඇති බවට ද  ජනාධිපතිතුමා මෙහිදී විශ්වාසය පල කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 28, 2019 11:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්