පාකිස්ථානය භාරයේ සිටින ඉන්දීය ගුවන් හමුදා ප්‍රහාරක යානයේ නියමුවා නිදහස් කරන ලෙස ඉන්දියාව පාකිස්ථානයෙන් ඉල්ලා සිටිනවා.
ඊයේ දිනයේදී ඉන්දීය ගුවන් යානා දෙකක් ප්‍රහාර එල්ල කර බිම හෙලූ බවත් එක් ගුවන් නියමුවෙකු තම අත්අඩංගුවේ පසුවන බවත් පාකිස්ථානය නිවේදනය කළා. එම ගුවන් නියමුවා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ ඇස් ආවරණය කර තිබූ වීඩියෝවක් ද පාකිස්ථාන තොරතුරු අමාත්‍යාංශය මාධ්‍යයට නිකුත් කළා. තුවාල ලැබූ හමුදා නිලධාරියෙකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය හේතුවෙන් ඉන්දියාව එය තරයේ හෙලා දැක තිබෙනවා. කෙසේ වෙතත් ඉන් අනතුරුව එම වීඩියෝව ඉවත් කර ගැනීමට පාකිස්ථානය කටයුතු කර තිබෙනවා.