සියලු යාන්ත්රික කියත් ලියාපදිංචිය සඳහා ලබාදී තිබූ කාලය අදින් අවසන් බව ආරක්ෂක අමාත්යංශය ප්රකාශ කළා. ඒ අනූව රාජ්ය, අර්ධ රාජ්ය හෝ පෞද්ගලිකව භාවිත කරන සියලු යාන්ත්රික කියත් සඳහා බලපත්රයක් ලබාගැනීමට සිදුවනවා.
ඒ සඳහා ළඟම පිහිටි පොලිස් ස්ථානයේ පහසුකම් සළසා ඇති බවයි අමාත්යංශය සඳහන් කළේ. විශේෂ බලපත්රයක් හා අංක තහඩුවක් නිකුත් කිරිමටත් පියවර ගෙන තිබෙනවා.