ඊජිප්තුවේ කයිරෝ අගනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයේ හටගත් ගින්නෙන් 25 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් විශාල පිරිසක් තුවාල ලබන්නට ඇති බවටයි විශ්වාස කරන්නේ. දුම්රිය එහි වේදිකාවේ ගැටීමත් සමග ගින්න හටගත් බව සිද්ධිය ඇසින් දුටුවන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.
ඊජිප්තුවේ දුම්රිය ආරක්ෂණ ක්‍රමවේදය ඉතා දුර්වල මට්ටමක පවතින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. 2002 වසරේදී කයිරෝහි සිදුවූ දුම්රිය අනතුරකින් 370 කට වැඩි පිරිසක් මියගිය බවද එම වාර්තා සදහන් කලා.