ක්‍රීඩාවේ ප්‍රගමණය සදහා උපාය මාර්ග හදුනා ගැනීමේ සහ උපයෝගී කර ගැනීමේ ජාතික සමුළුවට එක් නොවූ ජාතික ක්‍රීඩා සංගම් පිලිබද ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් 64 ක් තිබෙනවා. එම සියළු සංගම් සහ රාජ්‍ය ආයතන එක්ව ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සදහා උපාය මාර්ග හදුනා ගැනීමේ සමුළුවක් කොළඹදී දින දෙකක් පුරා පැවැත්වුණා.
ඊට නිලධාරීන් 101 දෙනෙකු හා ක්‍රීඩා සංගම් 57 ක් නියෝජනය කරමින් නියෝජිතයින් එක්වූ බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසනවා. සමුළුවට එක් නොවූ ජාතික ක්‍රීඩා සංගම් පිලිබද ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊට එක්වෙමින් කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://www.facebook.com/itnnews.lk/videos/265486904335860/”]
ක්‍රීඩාවේ ප්රගමනය සදහා මෙම වැඩමුළුවේදී කොළඹ ප්රකාශනය නමින් කරුණු 26 ක් ඇතුලත් වාර්තාවක් සකස්කර තිබෙනවා. එය ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට භාරදීමද මෙහිදී සිදුකෙරුණා.