fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විල්පත්තු රක්ෂිතය පිළිබඳ රීට් පෙත්සමේ නියෝගය අගෝස්තු 6 වනදා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2019 10:48

විල්පත්තු රක්ෂිතය පිළිබඳ රීට් පෙත්සමේ නියෝගය අගෝස්තු 6 වනදා

විල්පත්තු රක්ෂිතය සහ අවට කැලෑ එළිපෙහෙලිකර නැවත පදිංචි කිරීමට එරෙහි රීට් පෙත්සමේ නියෝගය අගෝස්තු මස 6 වනදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (27) තීරණය කළා.

ඒ  එම පෙත්සම අද (27) කැදවූ අවස්ථාවේදීයි. පෙත්සම සම්බන්ධයෙන් පැමිණිලිකාර සහ වගඋත්තරකාර පාර්ශ්ව වල වාචික දේශන මේ වනවිට අවසන්කර තිබෙනවා. ඒ අනුවයි එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය දින ලබාදුන්නේ. විල්පත්තු රක්ෂිතය සහ අවට කැලෑ එළිපෙහළිකර නැවත පදිංචිකරන බව පවසමින් ඊට එරෙහිව මෙම පෙත්සම ගොනුකර ඇත්තේ පරිසර යුක්ති කේන්ද්‍රයයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2019 10:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්