fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාන්තා හොකී තරගාවලියේ ශූරතාව රයිඩර්ස් කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2019 15:54

කාන්තා හොකී තරගාවලියේ ශූරතාව රයිඩර්ස් කණ්ඩායමට

ජාතික ප්‍රවීනයින්ගේ හොකී සංගමය සංවිධාන කළ කාන්තා හොකී තරගාවලියේ වයස අවුරුදු 30 න් ඉහළ ශූරතාව දිනා ගැනීමට කොළඹ රයිඩර්ස් කාන්තා හොකී කණ්ඩායම සමත්වුණා.

කොළඹ කෘතිම හොකී ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියේ වයස අවුරුදු 30 න් ඉහළ අංශයේ තරග සදහා කණ්ඩායම් 07 ක් එක්ව සිටියා. පාසල් තරගාවලියට එක්වූ කණ්ඩායම් සංඛ්‍යාව 04 ක්. තරගාවලියේ වයස අවුරුදු 30 න් ඉහළ ශූරතාව කොළඹ රයිඩර්ස් කණ්ඩායම දිනා ගත්තා. ඒ මාතලේ එකාබද්ධ කණ්ඩායම අනුශූරියන් බවට පත්කරමින්. පාසල් අංශයේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නාවල ජනාධිපති බාලිකා පාසල සමත්වුනේ වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම කණ්ඩායම පරාජයට පත්කරමින්.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2019 15:54

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්