අන්තර් ක්රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම පහසුවෙන් පරාජය කිරීමට මහනුවර රග්බි ක්රීඩා සමාජ කණ්ඩායම සමත්වුණා.
මහනුවර නිත්තවෙල ක්රීඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමාවන විට පෙරමුණ ගැනීමට සී එච් කණ්ඩායම සමත්වුණා. ඒ ලකුණු 06 ට 03 ක් ලෙසයි. එහෙත් දෙවන අර්ධයේදී ආක්රමණශීලී තරග රටාවක නිරත වූ මහනුවර කණ්ඩායම තරගය සියතට ගැනීමට සමත්වුණා. මේ අනුව තරගය නිමාවන විට මහනුවර කණ්ඩායම ලකුණු 31 ක් ලබාගෙන සිටියා. ඒ වන විට සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට ලබාගත හැකිවුනේ ලකුණු 13 ක් පමණයි.