පාකිස්ථාන දෘෂ්යාභාධිත ක්රිකට් කණ්ඩායම ශ්රී ලංකා දෘෂ්යාභාධිත කණ්ඩායම පරාජය කරයි
Related Articles
ශ්රී ලංකා දෘෂ්යාභාධිත ක්රිකට් කණ්ඩායම සමග පැවති එක්දින ක්රිකට් තරගාවලිය ජය ගැනීමට සංචාරක පාකිස්ථාන දෘෂ්යාභාධිත ක්රිකට් කණ්ඩායම සමත්වුණා. ඒ දෙරට අතර පැවති තුන්වන හා අවසන් එක්දින තරගයත් ලකුණු 106 කින් ජය ගනිමින්.
බ්ලූම්ෆීල්ඩ් ක්රිකට් ක්රීඩා පිටියේ දෙරට අතර පැවති තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට ශ්රී ලංකා දෘෂ්යාභාධිත ක්රිකට් කණ්ඩායම .තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි පාකිස්ථාන දෘෂ්යාභාධිත ක්රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 40 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 448 ක් ලබා ගත්තා. මොහොමඩ් රෂීඩ් හා රිෂාඩ් කාන් ශතක වාර්තා කළා. පිලිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා දෘෂ්යාභාධිත ක්රිකට් කණ්ඩායමට නියමිත පන්දුවාර 40 අවසානයේ කඩුලු 09 ක් දැවී ලබාගත හැකිවුනේ ලකුණු 342 ක් පමණයි. මේ අනුව තරග තුනකින් සමන්විත තරගාවලියේ සියළු තරග ජය ගැනීමට පාකිස්ථාන දෘෂ්යාභාධිත ක්රිකට් කණ්ඩායම සමත්වුණා.