fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි වූ ආකාරය අගමැති පහදයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2019 11:31

මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි වූ ආකාරය අගමැති පහදයි

මත්ද්‍රව්‍ය වැටලීම් වැනි මහා පරිමාණ අපරාධ වැටලීමට හැකිවුයේ පොලිස් කොමිසම පිහිටුවීම නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. උස්සාපිටිය රිවිසද මහා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව  ප්‍රකාශ කළා.

උස්සාපිටිය රිවිසද මහා විද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීම පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා විද්‍යාලයීය නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කළා. ජනතා නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට  ද එක්ව සිටියා.

මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ අග්‍රාමාත්‍යවරයා,

උස්සාපිටිය ශ්‍රී සුමංගල විද්‍යාලයේ නව තුන්මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේද  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින්. ළගම පාසල හොදම පාසල ,ජාතික වැඩසටහන යටතේයි මෙම ගොඩනැගිල්ල ඉදි කෙරුනේ. ඒ සදහා රුපියල් මිලියන 63කට අධික මුදලක් වැය කර තිබෙනවා. විද්‍යාලයීය ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සමරු සටහනක් ද තැබුවා.  2015 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථම ස්ථානය දිනාගත්තේ මෙම විදුහලේ සිසුවියක්. ඇය සමඟ අග්‍රාමාත්‍යවරයා සුහද කතාබහක ද නිරතවුණා.

අමාත්‍ය කබීර් හෂීම් මහතා සහ අරණායක එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලලිත් දිසානායක යන අමාත්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2019 11:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්