වෙනිසියුලාවේ අර්බුදය දරුණු තත්ත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරටින් කොළොම්බියාවට පළාගිය ආරක්ෂක අංශ සාමාජිකයන් බිබිසි ප්රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට ද එක්වුණා. වෙනිසියුලාවේ රැදි සිටින තම පවුල්වල සාමාජිකයන් පිළිබඳ බියෙන් පසුවන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
ජනාධිපති නිකලොස් මදුරෝ පාලනය පිළිබඳ ඔවුන් අප්‍රසාදය පළකර තිබෙනවා.