fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහනුවර වකුගඩු රෝගී සහන මධ්‍යස්ථානය ජනපති අතින් ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2019 08:53

මහනුවර වකුගඩු රෝගී සහන මධ්‍යස්ථානය ජනපති අතින් ජනතා අයිතියට

ජාතික වකුගඩු අරමුදලේ මුදල් ප්‍රතිපාදන යොදවමින් ඉදිකළ වකුගඩු රෝගී සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී විවෘත කෙරුණා.

වකුගඩු රෝගී සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානයේ සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා එය ජනතා අයිතියට පත් කළා. මහනුවර මහරෝහලට අනුබද්ධවයි මෙය ඉදිකර තිබෙන්නේ. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 628 ක්. මෙම සත්මහල් වකුගඩු රෝග සහන මධ්‍යස්ථානය රුධිර කාන්දුකරණ ඒකකයකින් හා රෝගී ජනතාවට නේවාසික පහසුකම් සැපයීමේ නේවාසිකාගාරයකින් සමන්විතයි. වකුගඩු රෝගීන් පෙර හඳුනා ගැනීම් සායන හා පර්යේෂණ, උපදේශන හා රෝග නිවාරණ සඳහා අධ්‍යාපනික තොරතුරු ලබා ගැනීමේ පහසුකම් ද මෙම මධ්‍යස්ථානය තුළින් ලබාගත හැකි වනවා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිස්න මැතිතුමා අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා. රෙජිමේන්තු මූලස්ථානය වෙත පැමිණි සේනා විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිගනු ලැබුවේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ගජබා රෙජිමේන්තු ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතායි.  අනතුරුව ආබාධ සහිත නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසීමට එක්වූ ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කතාබහක නිරතවුණා. ආබාධිත රණවිරුවන් වෙනුවෙන් කදවුරු පරිශ්‍රයේ ඉදිකර ඇති ජල චිකිත්සක පිහිණුම් තටාකය ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වුණා. ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් මෙහිදී නා පැලයක් ද රෝපණය කෙරුණා. ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ජනාධිපතිතුමා  දැක බලා ගැනීමට කදවුරු පරිශ්‍රයට පැමිණ සිටි අතර ඔවුන්ගේ ගැටලු කිහිපයක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණා. සාලියපුර ග්‍රාමීය රෝහලේ අඩුපාඩු සම්පූර්ණ කිරීම ඇතුළු ගැටලු පිළිබද සොයා බැලීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රදේශයට එවන බවට ජනාධිපතිතුමා එහිදී ජනතාවට පොරොන්දු වුණා.

හිගුරක්ගොඩ රජරට විද්‍යාලයේ 2019 නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ද ජනාධිපතිතුමා එක්වුණා. සිසු දරුවන් විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා මහත් සෙනෙහසින් පිළිගත්තා. ක්‍රීඩා උළෙල ආරම්භ කිරීමට අදාළ නිල ප්‍රකාශය ඉදිරිපත් කළේ ජනාධිපතිතුමායි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2019 08:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්