fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆෝමියුලා 3 ආසියා ශුරතාව දිනු ලාබාලතම ක‍්‍රීඩකයා ශ‍්‍රී ලංකාවෙන්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2019 16:52

ෆෝමියුලා 3 ආසියා ශුරතාව දිනු ලාබාලතම ක‍්‍රීඩකයා ශ‍්‍රී ලංකාවෙන්

ආසියානු ෆෝර්මියුලා 3 වින්ටර් ශූරතාවලියේ අවසන් තරඟයේ ප‍්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ‍්‍රී ලාංකික ධාවන ශූර එෂාන් පීරිස් අද සමත් වුණා. මැලේසියාවේ පැවති ෆෝර්මියුලා 3 තරඟාවලියට ලෝකයේ නම් දැරූ ධාවකයින් රැසක් එක් වුණා. ෆෝර්මියුලා 3 තරඟයක් ජයග‍්‍රහණය කළ ප‍්‍රථම ශ‍්‍රී ලාංකිකයා බවට එෂාන් පීරිස් අද පත්වුණා.

එෂාන් පීරිස්ගේ වයස අවුරුදු 20කි. ඔහු රොටැක්ස් මැක්ස් ආසියානු කාර්ටින් ශූරතාව දිනා ගැනීමට ද පසුගිය දා සමත් වුණා. ජාත්‍යන්තර කාර්ටින් සහ ෆෝර්මියුලා ධාවන තරඟාවලි රැසකට සහභාගි වී ඇති එෂාන් පීරිස් ප‍්‍රංශය, ජපානය, චීනය, සිංගප්පූරුව, ඉතාලිය, තායිලන්තය හා මැලේසියාව යන රටවල කාර්ටින් ධාවන තරඟ වලින් ද විශිෂ්ඨ ජයග‍්‍රහණ ලබා ගත්තෙකි. මැලේසියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන එෂාන් පීරිස් අද මැලේසියාවේ පැවති ආසියානු ෆෝර්මියුලා 3 වින්ටර් ශූරතාවලියේ අවසන් තරඟය ජයග‍්‍රහණය කළා. ඔහු දැනට ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ නියෝජනය කරන ලාබාලතම ධාවන ශූරයෙකි. ඔහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක්.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2019 16:52

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්