බොරැල්ල පොලිස් පරික්ෂකවරයා අනතුරට ලක්කළ ඩිෆෙන්ඩර් රථය සොයාගෙන තිබෙනවා.
ඒ බත්තරමුල්ල පැලවත්ත ප්රදේශයේ නිවසක තිබියදී. සිසිටීවි දර්ශන සහ පොලිසියට ලැබුනු තොරතුරු අනූවයි එය සොයාගෙන තිබෙන්නේ.
පොලිස් නිලධාරියා බම්බලපිටිය ප්රදේශයේදී අනතුරට ලක්වුණා. මේ වනවිට ඔහු කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබනවා.