fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු අප්‍රිකා කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත දර්ශකයේ පහතට වැටෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2019 13:38

දකුණු අප්‍රිකා කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත දර්ශකයේ පහතට වැටෙයි

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පරාජයකට පත් වු දකුණු අප්‍රිකා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත දර්ශකයේ තුන්වන සථානය දක්වා පහත වැටී තිබෙනවා.

දෙරට අතර පැවති  ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පෙර දකුණු අප්‍රිකා කණ්ඩායම  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රසාද ලකුණු 110ක් ලබා ගෙන තිබුනා. එහෙත් තරගාවලි පරාජයත් සමග එම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 105 දක්වා පහත බැස තිබෙනවා. මේ අනුව ඉන්දියාව ප්‍රසාද ලකුණු 116ක් ලබා ගනිමින් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. නවසීලන්තය දෙවන ස්ථානයත්, ඕස්ට්‍රේලියාව  හතරවන ස්ථානයත්,  පස්වන ස්ථානයට එංගලන්තයත් පත්ව  තිබෙනවා. තරගාවලි ජයග්‍රහණයත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රසාද ලකුණු 89 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 93 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහෙත් තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම රැදී සිටින්නේ හය වන ස්ථානයේයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2019 13:38

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්