එළඹෙන මාර්තු මාසය වන විට සංවර්ධන ව්‍යාපෘති දහසක් එක් දිනයකදී ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.
ගාල්ල, මිලිද්දුව, ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ඉදි කෙරුණු සුරක්ෂා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකලා. මෙම සුරක්ෂා මධ්‍යස්ථානය ඉදිකිරීම් සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ හැටක්.