ශ්‍රවනාබාධිත පුද්ගලයන් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා. ශ්‍රී‍්‍ර ලංකා ශ්‍රවනාබාධිත සම්මේලනය මගින් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම වැඩපිළිවෙල ආරම්භ කළ බවයි මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා ප්‍රකාශ කළේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොන්දේසි වලට යටත්ව ඉදිරි මාස දෙක ඇතුලත රියදුරු බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ.