fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථානයෙන් 20-20 ලෝක වාර්තාවක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2019 09:21

ඇෆ්ගනිස්ථානයෙන් 20-20 ලෝක වාර්තාවක්

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20-20 ක්‍රිකට් ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා. ඒ පන්දුවාර 20-20  තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගනිමින්.

සංචාරක අයර්ලන්ත  කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන  කණ්ඩායම අතර පැවති දෙවන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගය ඉන්දියාවේ දෙහරාදුන්හිදි ආරම්භ වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කන්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 03ක් දැවී ලකුණු 278ක් ලබා ගැනිමට සමත් වුණා. මෙය පන්දුවාර 20-20 තරගයකදී කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක් වුණා. ඔවුන්ගේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 236ක සබදතාවක් ගොඩනැගිමට හස්රාටුල සුසායි සහ උස්මාන් ඝානි සමත් වුණා. හස්රාටුල්ලා සුසායි පන්දු 62කදී ලකුණු 162ක් ලබා ගත් අතර ඊට හයේ පහර දහසයක් සහ හතරේ පහර එකොලහක් ඇතුලත්.

ජයග්‍රහණය සදහා ලකුණු 279ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 194ක් ලබා ගත්තා. අයර්ලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක පෝල්  ස්ටාර්ලින් ලකුණු 91 ලබා ගත්තා.

මේ අනුව ලකුණු 84ක ජයග්‍රහණයක් වාර්තා කිරිමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2019 09:21

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්